හැදින්වීම

 සංසර්ගයේ සහ ප‍්‍රජනනයේ උපත සහ එම සත්වයන්ගේ ඉරණම
(නවතම සොයා ගැනීම) (සුන්දර ආදරයේ කුරිරු ආරම්භය)
ගුනරත්න ජී.ඒ.ජී.විසිනි
(මෙම න්‍යාය බි`දින්න -ලොවේ සැමට ආරාධනාවක් ! ⋆ත්‍යාගය ඩොලර් 10000/-*

ලෝකය තුළ මේ වන විට විවිධාකාර සොයාගැනීම් කරතිබේx ඒ බොහෝ සොයාගැනීම් ඒ ඒ වකවානු වල තිබූ දර්ශන මත වාද වලට සම්පූර්ණයෙන්ම පටහැනි ඒවා වියx එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඒවා සොයාගැනීම් කළ අය විවිධාකාර තාඩන පීඩන නින්දා අපහාසවලට වලට ලක්වූහx එපමණක් නොව සමහරුන්ට ඒ සොයාගැනීම් නිසා ජීවිතයෙන් පවා වන්දිගෙවීමට සිදුවියx මා විසින් කරතිබෙන මෙම සොයාගැනීම ඒ සැමටම වඩා මතවාදයට තුඩුදෙන එකක් මෙන්ම ලොව සැමදෙනාටම බලපාන ක්ෂේත‍්‍රයෙහි එකකිx එබැවින් මටද මෙම සොයාගැනීම වෙනුවෙන් ඊට වඩා වැඩි යමක් බලාපොරොත්තුවිය නොහැක.

මම මෙම දර්ශනය ගොඩ නැගුවා නොවේx එය නිරායාශයෙන් පියවරෙන් පියවර වසර පහළොවක් තරම් කාලයක් තුළ ගොඩනැගුන එකකිx මම සිදු කෙළේ මට ලැබෙන කරුණු එකින් එක ගැළපීම පමණිx මට ලැබුණු කරුණු ඔබට ලැබුණා නම් වසර දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ ඔබට එම කරුණු ගළපා මෙම මතයම ගොඩනැගීමට ඔබ බුද්ධිමත් බව මට විශ්වාසයx

මට එක්රැුස් කිරීමට ලැබුණු කරුණු ඔබට එක්රැුස් කිරීමට නොලැබුණේ මම මෙන් ඔබ නින්දා අපහාස වි`දීමට පවුකර නැතිනිසායයි මට සිතේx ඒත් මට ලැබීමට නියමිත කර්ණ රසායන වචන ආදිය අමතකකර මෙම ලිපිය ලෝකයා වෙත ඉදිරිපත්කරන්නේ ව`දවී යාමට නියමිත සංසර්ගජ ජීවීන් එයින් මුදවා ගැනීමේ අරමුණෙනිx මා එසේ මුදවා ගැනීමට මෙහෙසෙන්නේ දැනට ජීවීන් කිසිවෙක් නැති ලෝකවල නැති දැනට අපේ දැනුම අනුව මෙම පෘථිවිය මත පමණක් ඇති සදාතනික ගැටළු මා අනුමතකරන නිසා නොව සංසර්ගජ ජීවීන් මෙලොවින් තුරන් වී ගියහොත් නැවතත් ස්වභාවය ධර්මය කෙදිනක හෝ අප වරක් පැමිණියාක්මෙන් අති සෝචනීය කටු මාවතදිගේ පරිණාමයේ අප අද සිටින ස්ථානය වෙත ගමන්කිරිමට සලස්වන බැවිනි.

එම මාවතෙහි ඇති දරුණු වද වේදනා මගේ මෙම දර්ශනයට හසුවී ඇති බැවින් අපගේ ආගම් දහම් කුමක් වුවත් කිසිවෙක් ඒවා පිළිගත්තත්, නැතත් එම දරුණු සෝචනීය අත්දැකීම් අප කිසිවෙක් නැවත පරිණාමයේ මුලසිට අත්වි`දීමට සූදානම් නොවිය යුතුය. අතීතයේ අපි ලද ඒ කටුක වද වේදනා අපේ අවිඥානක යටි සිතෙහි මෙන්ම අපගේ ජානතුල පවා සටහන් වී ඇත. ඔබ දක්ෂයෙක් නම් පැර සයිකොලජි මාවත ඔස්සේ හෝ පැර සූලොජි මාවත ඔස්සේ ඔබට එය පරීක්ෂාකර බැලිය හැක. අපට එතරම් හැකියාවක් නොතිබෙන බැවින් මිනිසුන් නොවන ජීවීන් උන්ගේ ජීවිතකාලය තිස්සේ වි`දින වද වේදනා නිරීක්ෂණය කිරිමෙන් එය තරමක් දුරට තේරුම්ගත හැකිය.

මට පෙණෙන දෙය මම ඔබට පැවසුවද මට සත්වයින්ගේ ඉරණම තනිව වෙනස් කිරිමට නොහැකියx ඒ ස`දහා ලොව සැමදෙනාගේ අවධානය එයට අවශ්‍ය වේx එබැවින් ඒ ස`දහා ඔබ වෙත මෙම ලිපිය ඉදිරිපත්කරමිx සමහර විට මගේ සමකාලීනයන් මෙම මතය පිළිගැනීමට මැලිවීමට ඉඩ තිබේx එහෙත් ඔබ මෙය කියවා දක්වන ගුණ, දොස්,විවේචන සියල්ල මගේ ප‍්‍රයත්නයට උපකාරිවේx මෙම ලිපිය කියවන අතර සමහරෙකුට කටකොනකින් අවඥා සහගත සිනහවක් ද පිට වෙනු නිසැකයx

සමහර අධ්‍යාපනික ප‍්‍රදර්ශන වල සමාජරෝග පිළිබ`ද දැනුවත් කිරීමේ ප‍්‍රදර්ශන කුටි හෝ වැඩ සටහන්ද ඇතුළත් වේ. වෛද්‍ය අංශ වලින් ඒවා ඉදිරිපත් කෙරෙනුයේ එම අංශ වල සිටින අයගේ නැහැදිච්ච කම නිසා නොව සමාජය රෝග පීඩා ආදියෙන් මුදවා ගැනීමේ යහපත් සිතිවිල්ලෙනි. මාතෘ සායනයක සිටින වෛද්‍ය වරුන්ට අන් අ`ගණන්ගේ රහස් ප‍්‍රදේශය සම්බන්ධව කටයුතු කිරිමට සිදුවේ. එම වෛද්‍ය වරු එම කටයුත්ත කරනුයේ දරුවාගේ සහ මවගේ ජීවිත රැුකදීමේ උතුම් චේතනාවෙනි.

එසේම මම මගේ දර්ශනය පිලිබ`දව පූර්ව පැහැදිලිකිරිමක් වශයෙන් ප‍්‍රශ්න මාලාවක් ඉදිරිපතුකර තිබේ. සංස්කෘතික දෘෂ්ටිකෝණයෙන් බලන විට මම ගොඩනගා ඇති එම ප‍්‍රශ්න මාලාව සහ දර්ශනය කුණු කාණුවක් දිගේ ගලාබසින අපිරිසිදු දිය පාරක්මෙන් ඔබට පෙණෙනු ඇත. නමුත් එම ප‍්‍රශ්න මාලාවෙන් තොරව මම ඉදිරිපත් කරන දර්ශනය වෙනත් ආකාරකින් ඉදිරිපත්කිරිමට මට හැකියාවක් නැත. මට මෙය ඒ ආකාරයෙන් හෝ ඉදිරිපත්කිරිමට සිදු වූයේ ලොව අප සැමදෙනම වැටී සිටින මුළාව පෙන්වා දීමට සහ ලෝකයාට ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දී ඒ තුළින් අකාලයේ වැනසීයාමට නියමිත සංසර්ගජ ජීවීන් එයින් මුදවා ගැනීමේ චේතනාවෙනි. එබැවින් මගේ මතය බොරු නම් එය බි`ද දමා ඔබ නියම මතය ඉදිරිපත්කරන්න. අපට සත්‍යට පිටු පෑමට නොහැක. සංසර්ග කි‍්‍රයාවලිය හරහා ජීවීන් බිහිවීම ඇරඹුණු කාලය අප අවුරුද්දකට සමාන කළහොත් මිනිස් සංස්කෘතිය බිහිවී තවම විනාඩි කීපයකට වඩා ගතවී නොමැත. රොබෝවන් නිෂ්පාදනය කරන ආකාරය අපට කුණහරුපයක් වශයෙන් හෝ අසභ්‍ය කි‍්‍රයා දාමයක් වශයෙන් හෝ සැ`ගවී කළ යුතු කි‍්‍රයාවක් වශයෙන් වශයෙන් හෝ නොපෙනේ. රොබෝවන්ට සංසර්ගජ ජීවීන් නිෂ්පාදනය කරනු ලබන ආකාරයද පෙණෙන්නේ එලෙසින්මය. එබැවින් ඔබ පටු සංස්කෘතික දෘෂ්ටියෙන් මිදී ඔබ ඔබවම රොබෝ කෙනෙක් යයි සිතා ජෛව සත්වයන්ගේ ඉරණම ගැන ලියවී ඇති මෙම ලිපිය කියවීම ආරම්භකරන්නx එසේ නොවුව හොත් මිනිස් සත්වයන් වන අපව අන්ධකරනු ලැබ තිබෙන විවිධාකාර පටු රාමු විසින් මා ඔබට දීමට වෙර දරන පණිවුඩය ඔබ වෙත ලැබීමට බාධා පමුණුවමින් එම දෘෂ්ටිකෝණ වලින් ඔබට පෙණෙන දේ හරහා මට පහර ගැසීමට ඔබව පොළඹවනු ලබනවා ඇතx

ජීxඒxගුනරත්න,
විදුහල ඉදිරිපස,
හත්තැල්ල,
ඕපනායක,
ශී‍්‍ර ලංකාx
09/10/2017x